À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා

A+ A-

” දැන් එතකොට අද රෑට හාමු මහත්තයා අම්මා ගාව නතර වෙනවද ඒ කියන්නේ… “

” ඔව් හතරහමාරට ලෙඩ්ඩු බලන්න වාට්ටුට යන්න දෙනවනෙ නිලූෂ . ඒ වෙලාවට ගිහිල්ලා මන් නතර වෙනවා. රෑට කවුරු හරි ඉන්නම එපැයි “

මන් දේශනේට ගිහිල්ලා ඇදුම් මාරු කරලා වැඩට යන්න ලෑස්ති වෙද්දී කාමරේට ආවේ හාමු මහත්තයා. ලොකු මැණිකෙට අඩියක් ගහලා ඇවිද ගන්න බැරි විදිහට කකුල් කැක්කුමක්‌ හැදිලලූ.

” උදේට එනවනෙ නේද ම්… “

” උදේට අප්පච්චියි කමලා නැන්දයි එනවා කිව්වා. මන් රෑට බත් දෙකකුත් ලෑස්ති කරන් යන්නෙ. මගෙ මහත්තයට එන්න පුළුවන්ද ක්වාටස් එකට හතර වෙන්න කලින්. “

” මන් සර්ට කියලා හරි එන්නම්. නැත්තම් පැටියා තනියමනෙ. කෝකටත් සුප් එකකුත් හදා ගෙනම යන්න ලොකු මැණිකෙට “

දඩි බිඩි ගාලා කමිසේ දා ගත්ත මන් මගෙ නයි මල්ලත් අර ගත්තා. අයියෝ… මගෙ කන්නාඩි කුට්ටම කොහෙද ඒ පාර.

” මොනාද හොයන්නේ දා ගෙන. කෝ චුට්ටක් හැරෙන්නකෝ “

” ඇයි “

මන් මේසේ ලාච්චුවත් ඇරලා බලද්දී හාමු මට කතා කරත් හරි හැරුනේ එයාගේ පැත්තට.

” නළලේ ක්‍රීම්. දැන් හරි “

” කන්නාඩි කුට්ටම දාපු තැනක් මතක නෑ නෙ හාමූ “

ඇත්තමයි දත් මැදගෙන මූණ හෝද ගන්න ගියපු පාර මට අමතකයි කොහෙද දැම්මේ කියලා.

” ගයාන් සර් මට කතා කරාද “

” ඔතනින් වාඩි වෙන්න නිලූෂ. ඔයාගෙ වැඩ ටික නම් හොදට කෙරී ගෙන යනවා. ඒ ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. නිලූෂ කැම්පස් යන ගමන්මද මෙහෙ වැඩ කරන්නත් එන්නෙ “

මන් වැඩ කර කර ඉද්දි මට පණිවිඩයක් ආවා සර්ව ගිහිල්ලා හම්බෙන්න කියලා වෙද්දී මට‍ හිතුනා මොකක් හරි අඩුපාඩුවක් වත් වුනාදෝ කියලා.

” ඔව් සර් දැනට අවුරද්දකට කිට්ටුයි “

” එහෙ වැඩයි මෙහෙ වැඩයි දෙකම කරන් යන්න පුළුවන්ද. කරදර නැද්ද “

” ටිකක් අමාරුයි තමයි සර්. ඒත් ඇදන් යනවා. “

මන් එහෙම කියලා ටික වෙලාවක් ගියත් ගයාන් සර් මගෙ දිහා බලන් හිටියා වෙද්දී මන් වෙන පැත්තක් බලා ගත්තා.

” කෝ කන්නාඩි කුට්ටම “

” ක්වාටස් එකේ දාලා ඇවිල්ලා සර් “

ගයාන් සර්ගෙ බැල්ම නම් මට වැඩිය ඇල්ලුවේ නැති වෙද්දී මන් ආයේ මේසේ තිබ්බ පෑනක් දිහා බලා ගත්තා වෙද්දී ගායාන් සර් නැගිටලා අඩියෙන් අඩිය ළං වුණේ මගෙ දිහාට. මෙච්චර වෙලා පෑන දිහාම බලන් හිටපු මන් ආයේ බැලුවේ මගෙ ළගට ආපු සර් දිහා.

” බෙල්ලේ හැපුම් පාරක් “

පිස්සුද මේ සර්ට මගෙ බෙල්ල අත ගාන්න. ගයාන් සර් පාත් වෙලා මගෙ බෙල්ල අත ගෑවත් හරි ඉදන් ඉන්න පුටුවෙන් ඉබේටම නැගිටුනා.

” ගොඩක් රසද එයා ම් “

” සමාවෙන්න සර් මට පරක්කු වෙනවා. මන් ගිහිල්ලා එන්නම් “

ආයේ එයාගේ අත ඇවිල්ලා මගෙ පපුව උඩ නතර වෙද්දී මන් ඒ අතත් ගසා දාලා ගියෙ දොර ළගට. ඒත් දොර අරින්න බැලුවත් ඒ දොර ඇරෙන්නැතුව අගුල වැටිලා. ආයේ ආයේ අරින්න බැලුවත් පිටිපස්සෙන් ආපු අත් දෙක මගෙ ඇගෙ එතුනා වෙද්දී මන් ආයේ ගයාන් සර්ව තල්ලු කරලා ඈතට වුණා.

” සර් මේ දොර අරින්න. මට ප්.. “

” ඇයි ඔච්චර හදිස්සි නිලූෂ ම්. ඔයාට පුළුවන් ඕන් නම් මගෙ රසත් ටිකක් බලලම යන්න. අපිට හොදට විනෝද වෙන්නත් පුළුවන්. කොහොමත් ඉතින් ඔයාට මගෙන් වෙනස්ම ආස්වාදයක් ගන්නත් පුළුවන් ළමයෝ…..”

මට කේන්තියටම මගෙ නහර හිටන් ඉලිප්පෙද්දී අතුත් මිටි මොලවන් බිම බලා ගත්තේ හයියෙන් දත් මිටිත් කාගෙන හුස්ම ගන්න ගමන්. මරලා දාන්න තරම් මට කේන්ති. මට මූ ලොක්කා නිසා දෙකක් අනින්න බැරි එකට තවත් කේන්ති.

” අහ් “

” මට හරි අප්පිරියයි. තමුසේ මගෙ සර් න් “

ආයෙත් ඒ මනුස්සයා මගෙ ඇග අතපත ගාන්න ගියත් මන් ඒ අත අඹරරා ඇරගෙන එහෙන්ම බිත්තියට හිර කරලා මූණටම පාත් වෙලා බනින්න ගියත් දොරට තට්ටු කරන හඩක් ඇහුණු නිසා මන් ඈත් වුනා. ඒ පමාවට සරුත් එයාගේ පුටුව ළගට ගිහිල්ලා ඒ හරියෙම තිබ්බ රිමෝඩ් එකෙන් බොත්තමක් එබුවා.

” ඇතුළට එන්න ලොක්‌ කරලා නැහැ “

කට කොනේ හිනාවකුත් දාලා එහෙම කියපු සර් මගෙ දිහා බලාගෙනම පුටුවෙන් වාඩි වුණත් හරි ඇතුළට ආවේ රන්දුනු සර්.

” උබ මොකද දොර ලොක් කර.. අහ් නිලූෂ “

” රන්දුනු සර් මන් යන්නම් “

ගයාන් සර්ටවත් බැල්මක් වත් නොදී මන් රන්දුනු සර්ට යන්නම් කියලා එළියට එන්න ආවා. ඉවසන්න නිලූෂ ඉවසන්න. මගෙ රස්සාව කොහොම හරි කරන්න එපැයි.

” මොකද බන් ඔහොම ඉන්නෙ. ගයාන් සර් මොනා කිව්වේ “

” තේ බොන්න යන් බන්. කැම්පස් යනවද අරවා මෙව්වා තමයි ඇහැව්වේ. මට තිබහයි. වරෙන් යන්න “

” යන් යන් ඉතින් කෑ ගහන්න එපා “

දමියත් මගෙ පිටිපස්සෙන් එද්දි මන් ගියෙ කෑම කාමරේට අපෙ තේ එක ගන්න.

” à·„à·š අපෙ අක්කා බන් හැදුවෙ කොහොමද හොදයිද “

” ම් රසයි ගොඩක්. රසට කෑම හදන්න පුළුවන් වගේ “

ඇත්තටම ඒ එළවලු රොටිය හරි රසයි. ඇතුළට මාළුත් දාලාද කොහෙදෝ.

” ඇයි අර බන් ගයාන් සර් අතන ඉදන් උබ දිහා බලන් ඉන්නෙ “

එහෙම කියපු පාර මන් ඌ පෙන්නපු පැත්ත බලද්දී දැක්කේ බොද වෙච්ච රූප ටිකක්.

” මට දුර පැහැදිලිව පේන්නෑ බන්. කන්නාඩි කුට්ටම නෑ නෙ “

” දැන් වැඩක් නෑ සර් ගියා. නිකන් වෙන්න ඇති බන් උබ දිහා බලන්නේ. හැබැයි ඉතින් ගයාන් සර්ට උබ ගැ…. නෑ නෑ උබ ඔහොම බලන්න එපා බන්. යකෙක් වගේ “

ගයාන් සර් නිසා මගෙ රස්සාවට මොනා හරි වෙලා තිබ්බොත් ඇත්තමයි මාත් නිකන් ඉන්නෙ නෑ.

දෙයියනේ වෙලාව හතරයි දහයයි. මට යන්නත් වෙලාව හරි දැන්. පලකො ගයාන් සර් ළගට දැන් කතා කරන්න.

” ඔච්චර හිතන්න දෙයක් නෑ බන් උබ. ගයාන් සර් හරි හොදයි. සැරත් නැහැ නෙ. පොඩ්ඩක් කතා කරලා අත්සනත් දාලා පලයන් ඉතින් “

දමියා නම් කියයි ඉතින්.

” නිලූෂ ඇයි ඉතින් ම් “

” සර් මට හදිස්සි වැඩකට එළියට යන්න ඕනී. මන් යන්නද “

” අත්සනක්‌ දාලා යන්න “

එහෙම කියපු ගයාන් සර් ආයේ මගෙ දිහාට බැල්මක් දාලා ලියකියවිලි බලන්න පටන් ගත්තා. පුදුමයි මන් හිතුවේ මොනා හරි විගඩමක් අල්ලයි කියලා.

මන් ක්වාටස් එක ළගට එද්දි පහත් පහුවෙලා වෙනකොට මන් කඩුල්ලත් පැනලා ආවත් වාහනේ නම් පේන්න තිබ්බේ නැහැ. ළමයවත් අරන් ගියාද දන්නෑ. මගෙ සාක්කුවේ තිබ්බ අමතර යතුරත් ඇරගෙන දොර ඇරලා සපත්තු දෙකත් ගලවලා ගියෙ ඇතුළට.

” තූ ති අප්පත්ති අයි අලෙ ඔලා ඔත්තර පලක්කු. මන් ගුදක් වෙලා හිතියා අලෙ ඔලා එනතම් “

මන් කාමරේට ආවත් හරි දැක්කේ නුරාද ඇද උඩ ඉදගෙන කතන්දර පොතක් බලනවා.

” අප්පච්චි ගියාද පැටියෝ. බලන්න චූටි අප්පච්චිට ටිකක් පරක්කු වුණානෙ මගෙ වස්තුව. මගෙ චූටි පැටියට බය හිතුනද ම් “

කමිසෙයි බෙල්ට් එකයි ගලව ගත්ත මන් මගෙ පැටියව වඩා ගෙන තුරුල් කර ගත්තා. චූටි අප්පච්චිගෙ පණ ඩිංග

” අප්පත්ති ගියා අලෙ. මත තුත්තක් වත් බා හිතුන්තෑ තූති අප්පත්ති. අප්පත්ති කීවා ඔලා එනතම් ඇදත වෙලා මේත බලන්ත කීලා “

අනේ ඉතින් මගෙ චූටි වලස් පැංචා. බේබී හාමු ඇගත් හෝදවලා ක්‍රීමුත් ගාලා වගේ පැටියගේ.

” තූති අප්පත්තිත බයි කන්ත කීවා. සෑතත් එත්ත අප්පත්තියි මායි ඌවානෙ “

” කන්න ඕනී තමයි ගොඩක් බඩගිනි “

දඩි බිඩ් ගාලා නා ගත්ත මන් කාමරේට ඇවිල්ලා ඇදුමක් දා ගෙන ආයේ ගියෙ කුස්සියට බත් බෙදා ගන්න. කොස් ඇට දාලා කොහිල දළුයි මුහුදු මාලුයි.

” කෝ ආ කියන්න “

” මන් කාවානේ අලෙ. “

මන් කකා පැටියටත් කොහොම හරි බත් කටවල් හතර පහක්ම කැව්වා. මගෙ හාමු මහත්තයා දැන් දැන් රසට උයන්නත් දන්නවානෙ. මෙහෙට ඇවිල්ලා වැඩි දවසක් නෑ හාමුයි මමයි කෑම හදන ලොකු පොතකුත් ඇර ගත්තා. එතකොට ඒකෙන් බලාගෙන උයන්නත් පුළුවන්නෙ. හාමු මහත්තයා තමයි වැඩි පුරම ඒ පොත බලාගෙන උයන්නෙ. මන් නම් ඉතින් කමනි නැන්දා උයන දිහා බලන් ඉදලම ඒ වැඩ ටිකක් දන්න නිසා හොදයි ඉතින්.

” තූති අප්පත්ති අද සාහුල් ආවානෙ අපෙ ඉත්තෝලෙත. එලා දන් මදෙ ලද ඉන්තෙ. “

මන් පැටියවත් ඔක්කට ඇරගෙන වාඩි වුණත් හරි එයාගේ පෙර පාසලේ දේවල් මට කියන්න ගත්තා

💥💥💥💥💥💥💥💥

මන් නිලූෂ එනකම් හතර වෙනකම්ම බලන් හිටියත් එයා නෙවෙයි පේන්නවත් ආවේ. තව හිටියොත් පරක්කු වෙන නිසා මන් එහෙන්ම ගියෙ පැටියා ළගට.

” නුරාද ඔයා චූටි අප්පච්චි එනකම් කොහෙවත් යන්නැතුව ඇද උඩටම වෙලා ඉන්න මගෙ රන්කඳ හාද. අප්පච්චිට ඉක්මනට යන්න තියෙනවා කිරි අම්මි බලන්න. චූටි අප්පච්චි එනකම් ඇදෙන් බහින්නවත් එපා “

” හලි අප්පත්තියේ….. මන් මේත කිවන්තම්කු අලෙ. ඔලා බා වෙන්ත එපානෙ “

” චූටි අප්පච්චිට මගෙ පැටියා කරදර කරන්නැතුව ඉන්න හොදද. අප්පච්චි හෙට උදේට එනවා මගෙ පැටියා බලන්න “

පැටියව ඇදේ වාඩි කරවලා ඒ හිස් මුදුනට හාද්දකුත් දීලා කෑම එකයි මල්ලයි ඇරගෙන වාහනේ ළගට ගියා. දරුවා තනියම දාලා යන්න මොකදෝ වගේ. නිලූෂ ඉක්මනට එයිනේ. හොද වෙලාවට මන් එයාට අමතර යතුරත් දුන්නා කෝකටත් කියලා.

” ඩොක්ට අම්මට දැන් කොහොමද “

” අපි තාම ඉතින් බලනවා. ඒත් අම්මගේ අඩුවක් නම් පේන්නෑ පොඩ්ඩක් වත්. දෙන බෙහෙත් හිටන් ඇගට අල්ලන්නෑ වගේ අපිට පේන්නෙ. තව ඩොක්ටස්ලා දෙන්නෙක්ම ඇවිල්ලා හිටන් බැලුවා . කෑම නම් අම්මට ගොඩක් කවන්න එපා. දිරවන්න අමාරුයිනෙ. දියර ජාති පොඩ්ඩක් දෙන්න. හතට විතර මන් ආයේ ඇවිල්ලා බලන්නම්කෝ “

ඩොක්ට එහෙම කියලා යන්න යද්දි මන් ගියෙ ඇද ළගට. අම්මා නම් නිදි නෑ. උළු කැට දිහා බලන් කල්පනා කරනවා.

” උබ ආවද පොඩි. ඔතනින් වාඩි වියන් හිටන් නොඉද “

කෑම එකයි උණු වතුර බෝතලෙයි මන් දැම්මේ අම්මගේ කබඩ් එක ඇතුළට. තාම පළතුරු ඉතිරි. අම්මා ඒවා නම් පොඩ්ඩක් වත් කාලා නෑ.

” අම්මේ මිදි ගෙඩියක් වත් කෑවේ නැද්ද. මේ පළතුරු ටික එහෙන්මමනේ “

” මට කන්නවත් පිරියක් නෑ පොඩි. ඇවිද ගන්නවත් මට බැරුව ඉද්දි මට උගුරෙන් පහළට බත් ගුලියක් හරි යවා ගන්නේ කොහොමද “

අම්මා තව තවත් ගොඩක් වැරහිලි වෙලා. ඇසුත් ගිලා බැහැලා හොදටම.අපි කියලා මොනා කරන්නද ඉතින්. මට අම්මා ගැන කොච්චර දුක හිතුනත් එයාගෙ ලෙඩේ වෙනුවෙන් කරන්න අපිට කිසිම දෙයක් නෑ.
මගෙ නිලූෂ නම් දැන් එන්නත් ඇති ක්වාටස් එකට .

” නුරාද අරකා ළගද දාලා ආවේ “

” නිලූෂ ළග තියෙලා ආවේ අම්මා. “

මන් අම්මට තේ කෝප්පයක්‌ හද හද එහෙම කිව්වා.

” ලොකු එකා හරීයට මතක් වෙනවා. උට‍ අම්මා ගැන කෙලෙහි ගුණයක් නෑ. පොඩි කාලේ ඉදලා පට්ට ගහලා හදන් නැතුව ඉහේ කනේ ඉදලා හදා ගත්තා එකේ ප්‍රතිපල තමයි ඔය . ඔය කරේ දැන් යස වැඩක් අම්මට. ඒකාට මේ වදාපු අම්මට වඩා අර ගෑනිගේ පැටව් දෙන්නා ලොකු වුණා. හොද වැඩේ ඌටත් වුණේ. බලාපන් ඒ ගෑනිට හැමතැනම මිනිස්සු. මේ අම්මා අප්පා බලාගෙන වලව්වේ ඉන්නැතුව මහ ලොකු වට ගියා පවුල් කන්න. අනික් එකා අම්මා අප්පගේ මූණේ දැලි ගාලා ගියා මිනිහෙක්ගෙ ඇගට යට වෙන්න. මට තෝව හරි අප්පිරියයි පුතා. මන් ළග ඉන්න එක කොල්ලෙක් හරි නතර වුණා කියලා ආඩම්බර වුණාට ඒකත් ගෑණියෙක්. පෙනුම තනිකරම පිරිමි වුණාට උබ ගෑණි.. “

” අම්මේ කට පොඩ්ඩක් පියා ගන්නවද. මෙතැන අනිත් මිනිස්සුත් ඉන්නවා “

අම්මා හිමීට හිමීට අයියටයි මටයි බැන බැන හිටියත් අවසානේදී අම්මා හරි සද්දෙන් අපිට බනින්න ගද්දි ළග ඇදන් වල හිටපු මිනිස්සුත් මගෙ දිහා අමුතුවට බලන්න ගත්තා . අම්මා මට මොනා කිව්වත් මන් ඉවසනවා වචනෙකින් වත් බනින්නැතුව. මොකද එයා තව ඕන්නම්
දවස් කීපයක් ඉදියි ඔහොම.

” උබගේ අප්පට රැවටිලා මාත් ඉතින් දීග කන්න අර මූසල වලව්වටම ආවානෙ. මටත් යස වැඩේ වුණේ. අවසානේ තොගේ අප්පවත් මන් à·…… ඒකා මට හරියට සැලකුවාද. ලොකු හාමු නෙවෙයි ඉස්සර මන් පැත්තේ ඉන්නවද කියලා බැලුවේ . උබේ අප්පා මුළු වලව්වෙන්ම හරි සිරියාවන්ත එකා. මහා විසාල සිංහයෙක් වගේ හරි තේජසයි. මන් අපෙ පැත්තේ වත් දැකලා නෑ උබේ අප්පා වගේ හැඩි දැඩි පිරිමියෙක්. කොච්චර උබේ අප්පා දිහා බැලුවත් එපා වෙන්නෑ. වාසනාවන්ත පින් කදක්. බැලුවම ඒක කියත හැකියි. ඒත් ඒත් අරකා…. ඒකා මගෙ මහත්තයා ගත්තා. උට‍ සාප වේවා. තොගේ පැටියා මැරිලා පලයන්.. තො “

” අම්මේ අම්මා මට ඔය කටින් සාප තියන්න ඔය කට ගෙවෙන කම්. ඒත් මගෙ නොදරුවට එක වචනයක් කියන්න එපා. මන් මේ පැත්තේ නුරාදව ගෙනාවේ නැත්තේ අම්මා නිසාමයි. අනික ඇයි අම්මා අප්පච්චිට දොස් තියෙන්නේ. එයා කොච්චර ආදරෙන් බලා ගත්තද . වෙන මිනිස්සු වගේ නෙවෙයි අම්මා… අප්පච්චි අම්මට හරි ආදරෙන් සැලකුවා “

අම්මා අප්පච්චි ගැනත් බොරුවට බනිනවා. අප්පච්චිට කොහෙන්ද අනික වෙන මිනිස්සු. අම්මගේ දැන් සිහියත් විකල් වී ගෙන එනවද කොහෙදෝ.

” අප්පේ….. ඔව් ඔව් තොගේ අප්පා යසට මට සැලකුවා. මන් ගැන ටිකක් හරි හොයලා බැලුවේ තොපි දෙන්නා මගෙ බඩ ඇතුළේ ඉන්නකම් විතරයි. ඒ කාලේ මන් කැමති මොනාටද… කිව්ව‍ පමාවට ගෙනල්ල දෙනවා. මාව ඉස්පිරිතාලේ එක්ක යනවා. අනේ හැබෑට……. අරකා විදව විදව මැරෙන හැටි මට මේ ඇස් දෙකෙන්ම බලා ගන්න පිනක් නැති වුණා නෙ. බලාපන් අහිංසකයා වගේ කුස්සියේ අස්සේ කුණු පෙරේතයෙක් වගේ ඉදගෙන මගෙ මනුස්සයවම දැලේ දා ගත්ත විදිහ . අපරාදේ එදා මට තව ටිකක් උගෙ ඇගිලි ටික අරන් යසට පුච්චන්න තිබ්බා ආයේ උයන්නවත් බැරි වෙන්න. මන් වගේද කියන්නකෝ ඒකා කොච්චර කැතද. ඇගෙ මස් කළදක් නෑ. පාට කොච්චර කළුද. උගෙ මොනාට මගෙ මහත්තය රැවටුනද මන්දා. ඒකා මහත්තයගෙ බත් එකටම ඉනාවක් දාලා දීලද කොහෙදෝ. අපරාදේ මට විස නයි දෙන්නෙක් වෙනුවට උගෙ කාමරේට පිඹුරෝ තුන් දෙනෙක්ම දාන්න තිබ්බා මට‍ . “

අම්මා දොඩව දොඩව ඉදලා ආයේ ඇස් දෙක පියා ගත්තා. අම්මා මොනා කියනවද කියලා දන්නේ කවුද. ටීවී වල යන කතාවක් අම්මගේ හිතටම වැදිලා වගේ.

මගෙ කොන්දත් එක්ක රිදෙනවා මෙතැන ඉදගෙන ඉදලා ඉදලම . ඒ අස්සේ මදුරුත් ඇවිල්ලා කන අස්සෙම කුං කූන් ගානවා. ඇපල් ගෙඩි දෙකක් ඇරගෙන මන් ගියෙ සින්කෙක ළගට. ලෙඩ්ඩු හැමතැනම. බෙහෙත් ගද නම් නහයට දැනෙද්දීත් මට නිකන් ඔලුව කැක්කුමයි වගේ.

දැන් නම් ඩොක්ටත් ඇවිල්ලා අම්මා බලලා ගියා. අම්මට සුප් හැදි තුන හතරකුත් පොවලා ඉතිරි ටික විහික්කා කරලා කෑම කන තැනට ගිහිල්ලා මන් බත් මුල ලිහා ගෙන කන්න ගත්තා. කොච්චර කොහොම තරුණ කාලේ හොදට හිටියත් වයසට යද්දි මොකවත් කර ගන්න බැරිව එක්‌ තැන් වෙනවා අපි හැමෝම. කොහොම හරි වැරදි ටික හදා ගෙන හොද විදිහට ජිවත් වුණා නම් අවසාන කාලේ සතුටින් ඉදත හැකියි. අපෙ අම්මගේ හිතේම තියෙන්නේ පව් කාර සිතුවිලි. මැරිලා ගිහිල්ලා කොහේ ඉපදෙයිද දන්නෑ ආයේ.

” පින්සිද්ද වෙච්චාවේ මගෙ දරුවෝ. වැඩි වැඩියෙන් කන්න හම්බෙන්න ඕනී මගෙ පුතාට “

අපෙ ඇද එහා පැත්තේ හිටපු ආච්චි එයාගේ මිනිපිරීගේ ඔලුව අත ගගා පින් දෙනවා කෑම කවන නිසා.

” කිරි අම්මා හොදට කන්නකෝ.  ලොකු නැන්දි තව ටිකකින් එයි. නවයටත් කිට්ටුයිනෙ “

” අප්පච්චියෙ මන් හින්දා උබලා හැමෝටම කරදරේ… මොනා කරන්නද ඉතින්.  අද රෑට නම් නවතින්න එපා කියන්න ඕනී දුවට. මට ආයේ බෙහෙත් සැරටම නින්ද යන එකනේ “

එයාලගේ කතා වලට කන් දී ගෙනම මන් අම්මගෙ ඇදේ පැත්තකින් ඔලුව තියා ගත්තා. ඇත්තටම අපෙ වලව්වක් වුණාට මොකද කිසිම කෙනෙක් නෑ. ඒ හැම කෙනෙක්ම වලව්වෙන් ගියෙ අම්මා නිසා . නැත්තම් අයියගේ දරුවෝ දෙන්නටයි අයියටයි අපි එක්කලා කොච්චර සතුටින් ඉන්න තිබ්බද. දැනට මගෙ එකෙකුට කියලා ඉන්නෙ මගෙ මහත්තයයි දිනුවයි විතරයි. දිනුවා වුණත් මට මගේම සහෝදරයෙක් වගේ.
මගෙ මුළු ඇගම ඇදුම් කෑවා වුණත් තිබ්බ මහන්සියටත් එක්කලා මගෙ ඇස් පිය වී ගෙන ආවා.  ඒ ඇස් පියවෙද්දීත් මට මතක් වෙන්නේ මගෙ මහත්තයයි දරුවවයි.

” බාන්න තූති අප්පත්ති.. මදෙ අප්පත්තිගෙ කතත් තුත්තක් ඇලිලා. අපි දෙන්තා කැමලාවෙන් ෆොතෝ එකත් ගාමු අලෙ “

” ශ් පැටියෝ…. අප්පච්චිට මහන්සියටම දොයි ගිහිල්ලා. ඉන්නකෝ කිරි අම්මිගේ රෙදි ටික ගන්නකම් “

“  තූති අප්පත්ති කී අම්මිත් අස් අලින්නා නෙ. එයාත මොනා හලි වෙලාත තූති අප්පත්ති ඈ “

” දොස්තර මාමි ඇවිල්ලා බලයි පැටියෝ “

” තූති අප්පත්ති මේ මිදි ගෙදි තික මන් කන්තම්කු අලෙ “

” මන් යද්දි අරන් දෙන්නම් මගෙ වස්තුවට. ඕවා කිරි අම්මිගේනෙ… ආ ආ කෝ ඉතින් මූණ එල්ල ගන්න එපා. මන් මේ පළතුරු ටික හෝදලා ගේනකම් අප්පච්චිව නැගිට්ටන් නැතුව ඉන්න හාද.  අනේ මන්දා පැටියාගේ අප්පච්චිගෙන් මට‍ බැනුම් අහන්න වෙයිද මන්දා පැටියවත් උස්සන් මල පාන්දරම ආව එකට ….”

අඩි සද්ද වලුයි පැටියගෙයි නිලූෂගෙයි කාටහඩවල් හිටන් ඇහුනත් මගෙ ඇස් එකට ඇලිලා වගේ. ඇගත් එක්ක පණ නෑ පණ නෑ වගේ හරියට. මට නැගිටලා බලන්න ඕනී වුණත් මට බෑ ඇස් අරින්න.

            💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ඉස්තුතියි යාලූලා 🤗🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 48